Spread the love

කාෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

කෘෂි භෝග සඳහා හානි කරන වන සත්ත්ව සංගණනයට අදාළ අදාලව මුද්‍රණය කළ සංගණන පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා වැය කරනු ලැබුවේ සත 30 ක මුදලක් පමණක් බවත්, එම මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සිදුකල අතර සංගණන පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා වැය වූ සම්පුර්ණ මුදල රුපියල් 2,478,000.00 (වැට් සහිත) බව කෘෂිකර්‌ම, පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය තහවුරු කරයි.

2025 මාර්තු මස හත් වන දින මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අනුරාධ තෙන්නකෝන් නමැත්තා විසින් පත්‍රිකාවක් මුද්‍රණය සඳහා ආසන්න වශයෙන්ම රු.10.00ක් වැය කර ඇති බවටත් මුද්‍රණය සඳහා මුළු වියදම කෝටි හතකට ආසන්න බවටත් දක්වන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවත්, අදාල අසත්‍ය ප්‍රවෘත්තිය පලකල මාධ්‍ය ආයතන එය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස දන්වමු.