නිමල් රාජපක්ෂ
තිස්සමහාරාම ,සුරියවැව ,අම්බලන්තොට යන ප්රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයම් වලින් සැකකරුවන් 360 දෙනෙකු වටලා තිස්සමහාරාම හා හම්බන්තොට යන මහේස්ත්රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් දහඅට ලක්ෂ විසිඅටදාස් අටසියයක දඩ ආදායමක් රජයට ලබා දීමට හම්බන්තොට සුරාබදු නිලධාරීන් සමත්වීඇත.
මෙම සෝදිසි මෙහෙයුම් පසුගිය වසරේ ජනවාරි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා සිදු කර තිබිණි.
මෙහිදි නීති විරෝධී ලෙස ගංජා, රජයේ අරක්කු හා කසිප්පු අලෙවි කරන සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර මත්පැන් නිෂ්පාදනාගාර දෙකක්ද කොටුකර ගැනීමට සමත්වු බව හම්බන්තොට සුරාබදු ස්ථානාධිපති ලයනල් පෙරේරා මහතා පවසයි.
මීට අමතරව හෝටල් ආපනශාලා හා රටබිම හල් වල කල සෝදිසි මෙහෙයුමකදී බලපත්ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවිකල ස්ථාන 42 දෙකකට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත්කොට තිබේ.
ඉදිරියේදි අදාල බලපත්ර ලාභීන් දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් වරයාවෙත ඉදිරිපත්කොට සමථ ගාස්තු අයකර ගැනීමට නියමිතය
දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්රකුමාර මහතාගේ උපදෙස් මත, හම්බන්තොට සුරාබදු අධිකාරී එස්.කේ. වෙත්තසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ , හම්බන්තොට සුරාබදු ස්ථානාධිපති ලයනල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් , පරීක්ෂක රොහාන් නිරෝෂන,සැරයන් 974 සමන්ත , කෝප්රල්වරුන්වන 636 අනුර, 864සුජිත් ජානක නියාමක රියදුරු අජිත් ප්රසන්න යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.
