රුපියල් මිලියනයකට අධික දළ වීථි වටිනාකමින් යුත් විදේශීය කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නීතියේ රැහැනට ගැනීමට නාවික හමුදාව සමත්වී ඇත.
මෙම මෙහෙයුම ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව මන්නාරම පල්ලියිමුනෙයි ප්‍රදේශයේ මේ මස 10 දින සිදු කළහ. එහිදී , විදේශීය කංසා කිලෝ ග්‍රෑම් හයක (06) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
‘රටම එකට’ ජාතික මෙහෙයුම සහ ‘මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්’, යන දැක්මට සමගාමීව, මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර මුදාගැනීමේ ජාතික කර්තව්‍ය සඳහා දායකවන නාවික හමුදාව, දිවයින වටා වෙරල සහ දේශීය ජල තීරය නිරන්තර ආවේක්‍ෂණය කරමින් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇත.
මතවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 34ක් සහ 40ක් වන පල්ලියිමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් සහ විදේශීය කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
