Spread the love

නිමල් රාජපක්ෂ

වැලිගම හා මාතර ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුම්කදී සංචාරක හෝටලයක් හා බීඩි කර්මාන්ත ශාලාවක් වටලා රුපියල් ලක්ෂ විසි හයක් වටිනා විදේශීය මත්පැන් තොගයක් හා බීඩි තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු මාතර සුරාබදු නිලධාරීන් පසුගියදා (23) අත්අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී දිවැලිගම ප්‍රදේශයේ සංචාරක හෝටලක නීති විරෝධී ලෙස අලෙවි කරමින් තිබු විදේශීය මත්පැන් තොගයේ රුපියල් ලක්ෂ එකොළහක් පමණ වටිනා විදේශීය මත්පැන් ලීටර 118.900 සහ අරක්කු ලීටර 3.500 ප්‍රමාණයක්ද,මාතර ප්‍රදේශයන් රුපියල් ලක්ෂ පහලොවක් පමණ විටිනා නීති විරෝධී ලෙස ගබඩා කරතිබු නිමි බීඩි 58000, තෙන්දු කොළ 90kg හා දුම් කොළ 90kg ගබඩා කර තිබියදී සොයා ගැනීමට හැකිවී තිබේ.


සංචාරක හෝටලයේ නීති විරෝදී ලෙස විදේශීය මත්පැන් අලෙවි කිරීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුව ලබන 29 දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිීරීමට නියමිතය.


නීති විරෝධි ලෙස බීඩි ගබඩා කර තිබු බලපත්‍ර ලාභීයාට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන් .ඒ පේමරත්න මහතා වෙත ඉදිරිපත් කොට සමථ ගාස්තු නියම කිරීමට නියමිතය.


දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත,මාතර සුරාබදු අධිකාරී කීර්ති ආරියපාල මහතාගේ අධීක්ෂණය යටතේ, මාතර සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කපිල වීරක්කොඩි මහතාගේ මෙහෙයවීමෙන් මාතර සුරාබදු ස්ථානයේ සුරාබදු පරීක්ෂක මංජුල ලියනආරච්චි,සුරාබදු පරීක්ෂක කේ.ඩබ්.කේ.ජයකොඩි ,සැරයන් මේජර් ගුණසේකර,සැරයන් 801 එස්.ඒ.නුවන් , කොප්ප්‍රල්වරුන්වන 1108 යූ.එච්.එල්.හර්ෂනාත්, 1201 ඩබ්.පී.එම්.වයි.මධුසංක,නියාමක රියදුරු නුවන් රංගන යන නිලධාරීන් රැසක් සහභාගිවුහ.