අද (ජුනි 12) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.
සිකුරාදා (09) දිනට සාපේක්ෂව මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 285.14 සිට රු. 288.06 ක් දක්වා ඉහළ ගිය අතර විකුණුම් මිල රු. 302.01 සිට රු. 305.11. ඉහළ ගොස් තිබේ.
කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.04 සිට රු. 288.02 ක් වන අතර විකුණුම් මිල රු. 301 සිට රු. 303.
සම්පත් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 288 සිට රු. 290 ක් දක්වා සහ විකුණුම් මිල රු. 300 සිට රු. 302 ක් දක්වා ඉහළ ගොස් තිබේ.