Spread the love

දඹුල්ල ප්‍රදේශයේ තරුණ සංවිධානයක් ඊයේ (13) රාත්‍රියේ පැවැත් වූ සල්පිලි වෙන්දේසියක කිඹුලා බනිස් ගෙඩියක් රු 34,600ක මුදලකට වෙන්දේසි වී තිබේ.

මෙම බනිස් ගෙඩිය මිලදී ගෙන ඇත්තේ ජර්මන් ජාතික පිරිසකි.

දඹුල්ල ප්‍රදේශවාසින් හා මෙම ජර්මාන් ජාතික පිරිස අතර පැය කිහිපයක වෙන්දේසි සටනකින් පසුව විදෙස් ජාතික පිරිස කිඹුලා බනිස් ගෙඩිය මිල දී ගෙන ඇති බව සඳහන් වේ.

මිල දී ගත් මෙම බනිස් ගෙඩිය විදේශිකයන් විසින් ප්‍රදේශයේ කුඩා දරුවෙකුට ලබා දී තිබේ.