2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව, ඒ වෙනුවෙන් ඔහුට රුපියල් 75,000 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කර තිබෙනවා.
මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
