Spread the love

2024 වසර සදහා ලැබී ඇති රුපියල් ට්‍රිලියන 1.53 බදු ආදායම් ඉලක්කය දෙසැම්බර් මස 31 වනදාට පෙර සපුරා ගැනීමේ හැකියාව පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

දැනටමත් ලබා දී ඇති ඉලක්ක ගත මුදලින් රුපියල් ට්‍රිලියන 1.38 රැස් කරගැනීමට හැකිවී ඇති බවයි සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් පැවසුවේ.

මහජනතාවගේ පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව නව යෙදවුම් 2ක් හඳුන්වා දී තිබෙන බවද, ආනයන – අපනයන නිශ්කාෂණය සහ ආනයනය කරන ලද රථවාහනවල නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට එම යෙදවුම් නිර්මාණය කර ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

, ආනයනය කරන සහල් තොග පැය 04 ක් තුළ ආනයනකරුවන්ට නිදහස් කිරීමට රේගුව සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ වැඩි දුරටත් පැවසුවේ.