Spread the love


නිමල් රාජපක්ෂ-

රේගුවේ දී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගත් බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසායි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ල දී පැවති වැඩසටහනකින් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමිනි..මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ කිසිවෙක් හිතාමතාම මෙවැනි ප්‍රමාදයක් ඇති කිරීමට ඒ සඳහා අවස්ථාව දිය නොහැකි බවයි.
සමහර භාණ්ඩ භෞතිකව පරික්ෂා කළ යුතු අවස්ථා තිබෙන බැවින් එවන් අවස්ථාවක යම් කිසි ප්‍රමාදයක් ඇති විය හැකි බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.