Spread the love

නිමල් රාජපක්ෂ-

වෘත්තීය සමිති විසින් පළමුව සිය වෘත්තිය ද, දෙවනුව ආයතනය ද තුන්වනුව රටේ පවතින තත්ත්වය ද සලකා බලා තීරණ ගත යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ. වැඩ වර්ජන යනු වෘත්තීය සමිතියක් විසින් ක්‍රීයාත්මක කළ යුතු පළමු ක්‍රියාමාර්ගය නොව අවසාන ක්‍රියාමාර්ගගයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි

රේගු වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු බහාලුම් 5000කට අධික ප්‍රමාණය මුදා හැරීමේ කටයුතු සඳහා සතිඅන්තයේ දීත් ක්‍රියාත්මක කඩිනම් වැඩසටහනක් සකස් කර ඇතැයිද පැවසුවේය..

ඒ අනුව ලබන සඳුදා වන වට එම තදබදය අවම කරගත හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මැතිවැණයක් ආසන්නවත් ම වෘත්තීය ක්‍රියාමාර්ග සුලබ වීම අපේක්ෂා කළ හැකි තත්ත්වයක් බවත් බහුතරයක් වෘත්තීය සමිති දේශපාලන ව්‍යාපාරයක් හා සම්බන්ධව පවතින බවත් අමත්‍යවරයා පැවැසීය.

සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ රුවන්වැල්ල රාජසිංහ විදුහලේ ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.