Spread the love


නිමල් රාජපක්ෂ-

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට ගෙන්වු රුලියල් හැටතුන් ලක්ෂයක් වටිනා තෙන්ඩු කොළ තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු ඊයේ (18) අළුයම මීගමුව පිටිපන ප්‍රදේශයේදී ජාඇල සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් බීඩි කොල තොඟයේ තෙන්ඩු කොල කිලෝ 900 ක් තිබු බව ජාඇල සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක කලා රසික විජේසිංහ මහතා පවසයි.

සුරාබදු නිලධාර්න්ට ලද තොරතුරකට අනුව පුරා දින කිහිපයක් තුළ කල විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම බීඩි කොළ ජාවාරම කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන්ට හැකි වීතිබේ.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට ගෙන්වාගන්නා තෙන්ඩු කොල මීගමුව, කෑගල්ල , කුරුණෑගල හා ගලේවෙල යන ප්‍රදේශවලට බෙදාහරින බව ද සැකකකරුවන් සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.
අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල තොගය සමගින් සැකකරුවන් දෙදෙනා සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කොළ තොගය ඉදිරියේදී වෙන්දේසි කරන ලෙස නියම කොට එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ දහයක දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.

තව දුරටත් අදහස් දැක්වු කලා රසික විජේසිංහ මහතා ,

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න

බස්නාහිර පලාත් 111 සහකාර සුරාබදු කොමසාරින් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත , ජාඇල සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය යටතේ , ජාඇල සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක කලා රසික විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ,ජාඇල , මීගමුව හා ගම්පහ යන සුරාබදු ස්ථානවල සුරාබදු නිලධාරින් මෙම වැටලීම සිදු කළහ.