Spread the love

වැඩිකල විදුලි බිලෙන්50% ක ප්‍රමාණයකින් විදුලි බිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි

පසුගිය ඹක්තෝඹර් මාසයේ විදුලි බිල වැඩිවිය. නමුත් 2023 වසරේ අපේක්ෂා කළ ප්‍රමාණයට වර්ෂාව ලැබීම හේතුවෙන් එහි ප්‍රතිලාභය මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.