ICC ලෝක ක්රිකට් තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය අද (02) පැවැත්වෙයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දුන්අතර ඔවුන් පන්දුවාර 32 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 165 කි.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුෂංක කඩුලු 3 ක්, මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, මතීෂ පතිරණ කඩුලු 2 ක් හා දසුන් ශානක එක් කඩුල්ලක් බැඟින් බිද හෙළීමට සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Sean Williams ලකුණු 56 ක් හා Sikandar Raza ලකුණු 31 ක් රැස් කළහ.
ශ්රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 166 ක් කරා යායුතුයි..
