මුල්කිරිගල ගුණරත්න
ලංකාවේ හදන ටින් මාලු ලබන වසරේ සිට අපනයනය කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය ඇමති රත්න ගමගේ මහතා පවසයි.
මේ සම්බන්දව මෙරට ටින් මාලු නිෂ්පාදනය කරන කර්මාන්ත සමඟ සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍යය පහසුකම් ලබා දී ටින් මාලු කර්මන්ත නංවාලීමට කටයුතු කරන බව මේ සම්බන්දයෙන් අප කළ විමසීමක දී ආමාත්‍ය වරයා මේ බව සඳහන් කරේය.
දැනටමත් මෙරට ටින් මාලු නිෂ්පාදනය කරන සමාගමක් සමඟ සාකච්ඡා කර ටින් මාලු අපනයනය කරන අතර එම සමාගම වසරටකට ඩොලර් මිලියන 26 ක ආදායමක් උපයා දීමට එකඟ වු බව ඇමතිවරයා පැවසීය.
විදේශ රට වලින් ටින් මාලු අපනයනය කිරීම නිසා මෙරට ටින් මාලු කර්මාන්තය බිඳ වැටී ඇති අතර රට වටාම හොද සාගර සම්පතක් අපට තිබුන ද පිට රටින් ටින් මාලු රුගෙන ඒම විහිළුවක් යැයිද ඇමතිවරා පැවසීය.
මෙරට අපනයනය කරන ටින් මාලු සීමා කිරීම නිසා විදේශ රට වලට ඇදී ගිය මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වු අතර එසේ ඉතිරි කර ගත් මුදල් මෙරට ටින් මාලු කර්මාන්තයේ යෙදෙන කාර්මිකයින්ට ලබා දී ඔවුනේ නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා ක්‍රියා කරන බව ද නියෝජ්‍ය ඇමති රතන් ගමගේ මහතා අවධාරනය කරයි…….
