Spread the love

වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ
අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසයි.

මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතී.

මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බවය.

මෙම උල්කාපාත වර්ෂාවේ දී පැයකට උල්කාපාත 20ක් පමණ නිරීක්ෂණය කළ හැකියි. අද රාත්‍රීයේ හෝ හෙට අලුයම උපරිම අවස්ථාවට පත්වෙයි. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මේක නිරීක්ෂණය කළ හැකියි. අද ගැටලුවක් වෙනවා පූර්ණ චන්ද්‍රයා අපිට පේන නිසා. ඒ නිසා මේක නිරීක්ෂණය කරන්න හොඳම වෙලාව වෙන්නේ ‍අලුයම 4 – 5 දක්වා කාලයේ දී උතුරු දිශාව ආශ්‍රිකව මේ උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකියි.