Spread the love

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සේවය කළ විදුලි ඉංජිනේරුවන් රට හැර යාමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ඉහත කී පුරප්පාඩු පිරවීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය දක්වන උදාසීන ප්‍රතිපත්තිය හමුවේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයිද එම අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

ලාංකිකයකුට 150,000ක වැටුපක් ගෙවනු ලැබුවද චීන ඉංජිනේරුවකුට ලක්ෂ 49ක වැටුපක් ලබා දීමට නියමිතව තිබේ.