කාන්තාවක් සමග ලැගුම්හලක් වෙත පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියයෑමේන් පස කාන්තාව පලාගිය පුවතක් බොරලැස්ගමුව පොලීසියෙන් වාර්තාවෙයි.
බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ ලැගුම්හලක් වෙත මෙලෙස කාන්තාවක් සමග පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ බොරලැස්ගමුව වේරහැර බෝධිරාජා පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා අදාළ කාන්තාව සමඟ ඊයේ (25) දහවල් ලැගුම්හලට පැමිණ ඇති අතර පැය කිහිපයක් ගතවීමත් සමග එම කාන්තාව කෑගසමින් කාමරයෙන් පිටතට පැමිණ ඇත.
පසුව ඇය විසින් ලැගුම්හලේ කළමනාකරුට දැනුම්දී ඇත්තේ එම පුද්ගලයා රෝගීවී ඇති බවය.
කළමනාකරු කාමරය වෙත ගොස් බැලීමේදී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරු දැක වහා ක්‍රියාත්මකවී එම පුද්ගලයාව රෝහල්ගත කිරීම සඳහා ත්‍රීරෝද රථයක් රැගෙන ඒමට ගොස් තිබේ.
එම අවස්ථාවේදී ඇය පළාගොස් ඇති බව පැවසෙයි.
පළාගිය කාන්තාව සොයා පරීක්ෂණ සිදු කරන බව පොලීසිය කියයි.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇත.
