පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි
ජුනි 10 වැනිදා දක්වා මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවද වැඩිදුරටත් සඳහන්.