Spread the love

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය අද (06) සිට ලොතරැයි පතක මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙතෙක් රුපියල් විස්සක් ව පැවති ලොතරැයි පතක මිල රුපියල් හතළිහක් දක්වා ඉහළ යනු ඇත.

කෙසේ වෙතත් මිල ඉහළ යාමට සමානුපාතික ව පාරිභෝගික ජනතාවට දිනුම් අවස්ථා ද ඉහළ නංවා ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරයි.

මේ අතර, ලොතරැයි පතක මිල ඉහළ දැමීමත් සමඟ ලොතරැයි අලෙවිය පහත බැස ඇති බව ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසයි.

වෙනත් දිනවල දී අලෙවිය සඳහා ගෙන ආ ලොතරැයි පත් ගණනට සාපේක්ෂ ව අද දිනයේ මිලට ගැනීමට හැකි වූයේ, ඉතා අඩු ටිකට් පත් සංඛ්‍යාවක් බව එම අලෙවි නියෝජිතයන් සඳහන් කරයි.

එසේම ලොතරැයි කූඩු අසල වෙන දාට සිටි පාරිභෝගිකයන් ගණන ද අද ඉතා අඩු මට්ටමක පවතින බව ඔවුන් පවසයි.

ඇතැම් ලොතරැයි වෙළෙන්දන් පවසන්නේ, මෙම ක්‍රියාව හරහා පැහැදිලිව ම සිය රැකියාව අහිමි වීමේ අවදානමක් ඇති විය හැකි නිසා, ලොතරැයියක මිල නැවත රුපියල් 20 දක්වා අඩු කළ යුතු බව ය.