Spread the love

මාතර සිට ගාල්ල දක්වා ධාවනය වු දුම්රියක වැලිගම දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරියක් ගැටීමෙන් එකම පවුලේ දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත.

අනතරු සිදුවී ඇත්තේ ඊයේ පස්වරු 6.18 පමණය අ

අනතුරින් තුවාල ලැබු එම පවුලේ අනෙක් සිව්දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ගාල්ල ප්‍රදේශයේ සිය ඥාති නිවසකට ගොස් නැවත සිය නිවස බලා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට  මුහණ දී තිබේ.

⁣දුම්රියක් පැමිණෙන බවට සංඥා එළි දැල්වෙමින් තිබියදී දුම්රියක් පැමිණෙන බවට අසල සිටි පිරිස පවසද් දීත් මෙම ලොරි රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය ⁣කිරීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදුව ඇතැයි  වැලිගම පොලීසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල පදිංචිකරුවන් වන ලොරි රථයේ රියදුරු ලෙස සිටි 34 හැවිරිදි දිලිප පෙරමුණගේ හා ඔහුගේ සීයා වන 80 හැවිරිදි පි.කේ. සුගතදාස යන අයයි.

අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි