මුල්කිරිගල – ගුණරත්න
සූරියවැව – පදලංගල වෙනිවැල් ආර 7 කණුව අසල මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක යතුරුපැදියක් ගැටී එහි ගමන් ගත් 29 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සූරියවැව පොලිසිය පවසයි .
විතක්ෂයට පත්ව ඇත්තේ සූරියවැව ,වෙනිවැල් ආර පදිංචි අබේසිංහ විජේසේකර චමල් දුමින්ද දර්ශන නමැති තරුණයාය .
අනතුර සිදුවි ඇත්තේ ඉකුත් 9 දා රාත්රි 8.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ ඔහු සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා තිබේ .
හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි තුවාල කරු ඊයේ (10) රාත්රි පියවි සිහිය නොලබාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි .
ලොරි රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ .
සූරියවැව පොලිසියේ රථවාහන අංශය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .