ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය මුදාගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
මුදාගත් ධීවර යාත්රාව මේ වන විට සීෂෙල්ස්හි වික්ටෝරියා වරාය වෙත රැගෙන යමින් ඇති බවයි සඳහන් .
පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් මුහුදු කොල්ලකරුවන් සිය ග්රහණයට ගෙන තිබිණ.
