Spread the love

මියන්මාරය ලොව විශාලතම කිරිගරුඬ බුදු පිළිමය ඉදිකර ඇත. මෙම ඉදිකිරීම සඳහා දින 1111 ක් එනම් වසර තුනක් හා දින 16 ක් ගතවී ඇත.

‘මහා විජය’ ලෙස නම්කර ඇති මෙම පිළිමය මගින් ථෙරවාදී බුදු සසුනේ බැබළීම, රටේ අභිවෘද්ධිය මෙන්ම ලෝකයේ සාමය ද පෙන්නුම් කරන බව මියන්මාර රජයේ නිවේදනයක සඳහන් වේ.

මෙම පිළිමය ඉදිකිරීම සඳහා වැඩියෙන්ම අධාර කර ඇත්තේ වත්මන් බුරුම පාලක මින් හන් ලේ විසිනි.