Spread the love


නිමල් රාජපක්ෂ-.

ශ්‍රී ලංකාව හා ලෝක ආහාර වැඩසටහන සමඟ පවතින මිත්‍ර සම්බන්ධතාව තවදුරටත් තහවුරු කර ඉදිරියේදි වැඩසටහන් රැසක් දියත් කිරීමට පියවර ගන්නා බව ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත Abdur Rahim Siddiqui මහතා පවසයි.

ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත Abdur Rahim Siddiqui මහතා හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සමඟ හමුවක් අමාත්‍යංශ පරිශ්‍රයේදී අද (20 දින පස්වරුවේ පැවැති හමුවකදී මෙම අදහස් පළකළේය.

මෙහිදි සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය මගින් දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ දිළිඳුබව තුරන් කිරීම සඳහා වූ වැඩ සටහන් හා ආහාර සුරක්ෂිතතාව, මන්දපෝෂණය දුරු කිරීම යන ක්ෂෙත්‍රයන් පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මෙහිදි අදහස් දැක්වු ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත Abdur Rahim Siddiqui මහතා ,ග්‍රාමීය සංවර්ධ, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා හවුල්කාරිත්ව ලේකම් කාර්යාලය මේ වනවිටත් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන අතර පෝෂණ ඌණතා සහිත ප්‍රාථමික පාසල් හඳුනාගෙන එම ළමුන් සඳහා දිවා ආහාරය ලබාදීම, හඳුනාගත් ග්‍රාමීය කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව සහල් සඳහා පෝෂණ කොටස් මුසු කිරීම වැනි ව්‍යාපෘති සිදුකරණු ලබයි.

තවද ඉදිරියේදී ලෝක ආහාර වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ වැඩසටහන් කිහිපයක් දියත් කිරීමට සැලසුම්කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
. මෙම අවස්ථාවට ලෝක ආහාර වැඩසටහනේ රජයේ හවුල්කාර නිළධාරී Musthafa Nishmath මහතාද එක්වුහ.