Spread the love

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වන දා සිට 06 වන දා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා මැයි 03 වැනි දින රාත්‍රියේ දිවයිනෙන් බැහැර වනු ඇත.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ මෙම වියට්නාම් රාජ්‍ය සංචාරය තුළින් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.