වගා හානි සිදුකරන රිලවුන්ට ඇති සුදුසුම විසඳුම පසුගිය රජය සමයේ තීරණය කළ පරිදි රිලවුන් විදෙස් රටවලට යැවීම බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි
ඒ අනුව වත්මන් රජය කඩිනමින් ක්‍රියාත්මක වී, මෙරට රිලවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා යැවීම කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.
තමන් ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් තිබියදී, පරිසරවේදීන් පිරිසක් අධිකරණයට ගොස් එය නතර කිරීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.
එලෙස රිලවුන් ලක්ෂයක් යැවීමට කටයුතු කළහොත් පවතින තත්ත්වය යම් මට්ටමකට හෝ පාලනය කරගත හැකි බවයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
