වතුකරයට විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ඒම වර්ධනය විමත් සමග වතුකරයේ සමන්‍ය ජන ජිවිතයට දැඩි ලෙස බාධා එල්ලවිමේ අවදානමක් පවතින බව සමස්ථ ලංකා ජනතා ප්‍රගතිශීලි පෙරමුණ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ වන විට වතු කරයට විවිධ මත් ද්‍රව්‍ය පැමිනිම වර්ධනය වෙමින් පවතින බවට විවිධ ආරංචි ලැබෙනවා මෙම තත්වයන් මත වතුකරයේ සමන්‍ය ජන ජිවිතය දැඩි අර්බුදයකට ලක් විමේ අවදානමක් පවතිනවා.
පසු ගිය දිනක මේ මත් ද්‍රව්‍ය බාවිතා කරපු තරුණයෙක් අවුරුදු 74ක් පමන වයසැති කාන්තාවක් දුෂනයට ලක් කර ඇය සතුව තිබු රණ් ආභරන කොල්ල කැමක්ද සිදුව තිබෙනවා මෙම තත්වයනක් මත ඉදිරියේදි මේ වතු කරයේ තරුණ කාන්තාවන්ට පමනක් නොව මහළු කාන්තාවන්ටත් නිදහසේ ඉන්න බැරි විමේ තත්වයක් පවතින්න පුලුවන්.
මේ වන විට අපිට විවිධ ආරංචි ලැබෙනවා වතුකරය ඇතුළු ගම් නගරවලත් පාසල් දරුවන් අතරද මත් පුවක් ඇතුළු විවිධ මත් ද්‍රව්‍ය භාවිතා වන බව මෙහි ඇත්ත නැත්ත පිලිබදවත් අපි සියළුම දෙනා දැඩි අවදානයක් යොමු කල යුතුයි.
එසේ නොවුනහොත් මේ වතුකරයේ මෙන්ම ගම් නගරවලද තරුණ පරපුර විනාශ විමට පුලුවන් මේ තරුණ පිරිස මෙසේ විනාශ වනවා කියන්නේ මෙම ප්‍රදේශයේ අනාගතය විනාශ විමක් එම නිසා මෙම ප්‍රදේශවලට විවිධ මත් ද්‍රව්‍ය රැගෙන එනු ලබන පිරිස් වලට එරෙහිව දැඩි නිතිමය පියවර ගැනිමට අදාල අංශ පියවර ගත යුතුයි.
එමෙන්ම මෙම ප්‍රදේශයේ ජිවත් වන අපිද මෙම ප්‍රදේශයන්ට විවිධ මත් ද්‍රව්‍ය රැගෙන එන පිරිස් පිලිබදව දැඩි අවදානයක් යොමු කර එවැනි පිරිස් නිතියේ රැහැනට හසුකර දිම සදහා පියවර ගත යුතුයි එසේ නොවුනහොත් මේ මත් ද්‍රව්‍යවලින් විනාශ වන්නේ අපේම දරුවන්.
