වතු කම්කරුවන්ගේ දෛනික වැටුප පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සඳහා වතු පාලන අධිකාරිය ඔක්තෝබර් 07 වන දින අවසන් සාකච්ඡාවක් පැවැත්වීමට එකඟ වී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
වැවිලි හා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ වතු පාලන අධිකාරියේ නියෝජිතයින් සහභාගී වී ඇත.
මෙම සාකච්ඡාවේදී රජය විසින් වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, දෙපාර්ශවය අතර පුළුල් කතිකාවතක් ඇති වී තිබේ.
කෙසේ වෙතත්, වතු පාලන අධිකාරිය වැටුප් වැඩි කිරීමට ඇති ගැටලු ඉදිරිපත් කිරීම නිසා මෙම සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇත.
එබැවින්, අවසන් තීරණයක් ගැනීම සඳහා රජය විසින් වතු පාලන අධිකාරියට දෙසතියක පමණ කාලයක් ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඔක්තෝබර් 07 වන දින පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් පසු වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන බව ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.