Spread the love

නිමල් රාජපක්ෂ

වරකාපොල මාහේන , ප්‍රදේශයේ බලපත්‍ර ලක් බිඩි කර්මාන්ත ශාලාවක් වටලා ගිණුම් සටහන් නොකර තිබු තෙන්ඩු කොල හා බීඩි තොගයක් සමගින් කොටු කර ගත් බීඩි කර්මාන්ත කරුවා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන් .ඒ පේමරත්න මහතා වෙත පෙරේදා (13) ඉ දිරිපත් කිරීමෙන් පසු වරද පිළිබත් බැවින් රුපියල් දාහතර කෝටි හැත්තෑතුන්ලක්ෂ හතළිස් දාස් අටසියයක සමථ ගාස්තුවක් ගෙනව ලෙස නියම කොට ඇත.
අත්අඩංගුවට ගත් බීඩි හා තෙන්ඩු කොල වල වටිනාකමත් රුපියල් කෝටි පහලොවකට ආසන්න වන බවද සුරාබදු විශේෂ මේහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා පවසයි.
අදාල බලපත්‍ර ලාභියා වරකාපොල ප්‍රදේ ශයේ පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලාවේ හා සිය මවගේ නිවසේ වෙනම ගබඩාවක සගවා තිබු තෙන්ඩු කොල කිලෝ ග්‍රෑම් 17000 ක් බීඩි මිලියන 10 ක් සොයා ගැනිමට සමත්වු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා පවසයි.


මෙහිදි ඉතා කුඩාවට පත්වාගෙන යන කර්මාන්ත ශාලාවේදී ගිණුම් ගත නොකර තිබු බීඩි ලක්ෂ පහක් හා තෙන්ඩු කොල කිලේ 7000 සොයා ගැනීමට හැකිවු අතර වැඩි දුරටත් ප්‍රශ්න කිරමේදී සිය මවගේ නිවස ආසන්නයේ ගබඩාවක තිබී තවත්තෙන්ඩු කොල කිලෝ දහදාහක් සමගින් බීිඩි ලක්ෂ පනහක් සොයා ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
අදාල බලපත්‍ර ලාභීයාට වැටලීම සිදු කල මොහොතේම කාර්මික අපරාධ වාර්තා ලබාදි ඇත.
පසුව බලපත්‍ර ලාභියාව සුරාබදු කොමසාරිිස් ජෙනරාල්වරයා වෙත ඉදිරි පත් කිිරීමෙන් පසු වරද පිළිගත් බැවින් රුපියල් දාහතර කෝටි හැත්තෑතුන්ලක්ෂ හතළිස් දාස් අටසියයක සමථ ගාස්තුව ගෙවන ලෙන නියම කල අතර අදාල දඩ මුදලින් රුපියල් කෝටි තුනක මුදලක් එදිනම ගෙවන ලෙස නියම කළේය. ඉදිරි හිග මුදල් මාස නවයක් ඇතුළත ගෙවීමට නියෝග කොට ඇත.

වීඩියෝව නරඹන්න

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, කොළඹ සුරාබදු විශේශ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.එන් හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිති , ප්‍රධාන සුරාබදු පරික්ෂක නීල් ඒකනායක මහතාගේ අධික්ෂණය යටතේ ,සුරාබදු පරික්ෂක තුෂාර වීරමන් , සැරයන් ජගත් , කෝප්‍රල්වර්නවන තේනුවර , මෙරග ,වික්‍රමසිංහ .නියාමක රියදුරන්වන සුපුන් සහ දුමින්ද යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.