නිමල් රාජපක්ෂ-
නිරත ලොකොමොටිව් ඉන්ජිනියරින් දුම්රිය රියදුරන් සේවය අතහැර ගියා සේ සලකමින් දුම්රිය දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කළ ලිපි ඹවුන්ගේ නිවෙස් වෙතටම හෙට දිනයේ යැවීමට කටයුතු කරන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එම්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේය.

වර්ජනයේ නිරත රියදුරන් සේවය අතහැර ගියද දැනයේ සේවයේ නිරත දුම්රිය රියදුරන් මගින් හෙට(14) දිනයේත් දුම්රිය ගමන්වාර 40 ධාවනයට එක් කිරීමට නියමිතය.
ඒ අනුව සියළුම නගරාන්තර දුම්රියයන් , දුර ගමන් සේවා දුම්රියයන්ද ධාවනයට එක් කෙරේ. එසේ ධාවනයට එක් කෙරෙන දුර ගමන් සේවා දුම්රියයන් ප්‍රධාන දුම්රිය ස්ථානවල නතර කර ධාවනය කිරීමට පියවර ගන්නා බවද ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.
ඒ අනුව හෙට (14)දිනයේ ප්‍රධාන මාර්ගයේන් කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15 ක්ද , පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 04 ක් ද , කැලණිවැලි මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4 ද, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17 ක් ද හා දුර පළාත් වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්යාලය සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත දුම්රිය යෙදවීමට කටයුතු මේ වන විට යොදා ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසුවේය..
