Spread the love


නිමල් රාජපක්ෂ-

වර්ජනයේ නිරත ලොකොමොටිව් ඉංජිනියරින් රියදුරු සංගමයේ කිසිදු සේවයකු මෙතෙන් සේවයට වාර්තා කර නොමැති බැවින් රියදුරන් 84 දෙනාටම මේ වනවිට සේවය අතහැර ගියසේ සලකා ලිපි සියල්ල යැවීමට සුදානම් කර ඇතැයි .නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගමනා ගමන ජේ.එම් ඉදිපොලගේ මහතා පවසයි.
මේ සියළු දෙනාම සේවයඅතරහර ගිය හොත් ඉදිරියෙදී දුම්රිය ධාවනය පිළිබදව තීරණයකට එළබෙන බවද එ මහතා වැඩි දුරටත් පැවසුවේය.
මේ ව නවිට දුරගමන් සේවා දුම්රිය සියල්ලමත් නගරාන්තර සේවා දුම්රිය සියල්ලත් ධාවනයට එක්කර ඇති අතර සවස් කාලයේත් කාර්යාල බලා ගමන් කළ මගින්ගේ ගමන් පහසුව සදහා දුම්රියයන් සියළුම මාර්ගවල ධාවනයට එක් කරන බවද පැවසුවේය.
කොටුව මරදාන යන දුම්රිය ස්ථානවලට පොලිසිය හමුදා ආරක්ෂාව යොදවා තිබේ. මීට අමතරව කිසියම් දුම්රිය ස්ථානයකට ආරක්ෂාව අවශ්‍යනම් ඒ සදහා ආරක්ෂාව යෙදවීමට පියවර ගන්නා බවද ඉදිපොලගේ මහතා පැවසුවේය.