Spread the love

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දීපාවලී උත්සවය හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි

ඒ අනුව හෙට (31) දිනයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි එම සංගමය සඳහන් කළේ.