Spread the love


නිමල් රාජපක්ෂ-

වරායේ විමසුම් මධ්‍යස්ථානයක් අද සිට..

ගෝලීය කේන්ද්‍රීය වරායක් ලෙසත්, ජාත්‍යන්තර වෙලඳ හා නාවික මධ්‍යස්ථානයක් ලෙසත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාවලියක කොලඹ වරාය නිරතවෙන හෙයින් වරාය හා සම්බන්ධ වන දේශීය හා විදේශීය ගණුදෙනුකරුවන්ට වඩාත් පහසු වන අයුරින් වරාය සේවාවන් ලබාදීමට සදහා වරාය විමසුම් මධ්‍යස්ථානය “ අදපෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් විවෘත කරන ලදී.

ඒ අනුව අද සිට සතියේ සෑම දිනකම පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා 1984 දරණ දුරකථනය ඔස්සේ තමන්ට වරායේ සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
විශේෂයෙන් ආනයන, අපනයනකරුවන් සහ නැව් භාණ්ඩ ඒජන්තවරුන් සඳහා මෙම දුරකථන සේවාව විශාල පහසුවක් වන අතර, වෙලඳ නාවික හා වරාය ක්ෂේත්‍රය පිලිබඳව උනන්දුවක් දක්වන සහ තොරතුරු අවශ්‍ය ඕනෑම අයෙකුට මෙම 1984 දුරකථන සේවාව පරිහරණය කල හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
එමෙන්ම ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය වේ නම් කොලඹ 01, ලෝටස් පාරේ නො : 15, කැනල් අංගනයේ පිහිටි “ වරාය විමසුම් මධ්‍යස්ථානයට” පැමිණ ලබා ගත හැකි වන අතර enquiries@slpa.lk යන විද්‍යුත් තෑපැලට යොමු කිරීමෙන්ද ලබා ගත හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කරයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, කලමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් මලවිගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.