අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට යාපනය ප්‍රදේශයේ දී විරෝධතාවයක් එල්ල වී තිබේ.
ත්‍රස්ත මර්ධන පනත වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් යාපනයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය නායකයන් එහි ගිය අවස්ථාවේ මෙම විරෝධතාව එල්ල විය.
ප‍්‍රචණ්ඩත්වය මතු කරමින් යාපනයේ පවතින සාමකාමී තත්ත්වය නැතිකර නොදමන්නැයි විරෝධතාකරුවන් එහිදී ඉල්ලා සිටියහ.
