Spread the love

නිමල් රාජපක්ෂ
කිලෝමීටර් එක්ලක්‍ෂ දහනව දහසක් වන මෙරට මාර්ග පද්ධතිය විධිමත්ව සංවර්ධනය කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, අධිකාරියේ මූල්‍ය හා තාක්‍ෂණික සහය ලබාදී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ග්‍රාමීය මාර්ග ජාලය ද නවීකරණය කිරීමට කටයුතු කරනු ලබන බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ‘පුනරුදයට මඟ’ ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ මාර්ග 100 ක නවීකරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත මැතිවරණ කොට්ඨාශයේ මොරපිටිය – අලුත්ගම්ගොඩ මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (.16) එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා : ‘වසර ගණනාවක් තිස්සේ සංවර්ධනය නොවූ මෙරට ග්‍රාමීය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා රජය රුපියල් මිලියන 14,000 ක් මේ වසර තුළදී වෙන්කර තිබෙන බවද පැවසුවේය.