Spread the love

වසර 33 කට පසුව යුද්දය හේතුවෙන් යාපනය වලිකාමම් ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපයට ගෙන තිබූ ඉඩම් හා නිවාස ප්‍රමාණයක් නිදහස් වීමෙන් පසුව මේ දිනවල අදාල ඉඩම් හා නිවාස පරික්ෂාකිරීමට එහි මුල් පදිංචිකරුවන් පැමිණෙමින් සිටිති.

1990 සහ 1991 වසර වලදී යුද්දය හේතුවෙන් යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ ඉඩම් හා නිවාස ආරක්ෂක අංශ වෙතට අධිආරක්ෂිත කලාප වෙතට පවරා ගනු ලැබීය.

කෙසේ වෙතත් අදාල ඉඩම්හි සිටි ජනතාව ජීවිත ආරක්ෂා වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ඥාති හිතමිතුරන් සමග ජීවත් වූ අතර යුද්දය නිමා වී බිම්බෝම්බද ඉවත් කිරීමෙන් පසුව අධිආරක්ෂිත කලාපයන්හි පිහිටි ඉඩම් පියවරෙන් පියවර මුල් අයිතිකරුවන් වෙතට නිදහස් කිරීමට ආරක්ෂක අධීක්ෂණයෙන් රජය විසින් පියවර ගනු ලැබීය.

මේ අනුව යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පිහිටි කංකසන්තුරෙයි උතුර ජේ.235 ග්‍රාමසේවා වසමේ අක්කර 20 . 32 ක්ද දකුණු ග්‍රාමසේවා වසමේ අක්කර 25 . 02 ක් වශයෙන්ද පසුගියදා යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් මුලඅයිතිකරුවන්ට නිදහස් කිරීම සිදුවිය.

එලෙස නිදහස් කරන ලද ඉඩම් වර්ථමානය වන විට පවතින ආකාරය වසර 33 කට පමන පසුව අයිතිකරුවන් දැක බලාගැනීමට මේ දිනවල පැමිණෙමින් සිටිති.

කෙසේ වෙතත් අධිආරක්ෂිත කලාපවල පිහිටි ආදාල ඉඩම් හා නිවාස යුදහමුදාව විසින් ආරක්ෂිතව තබාගැනීම සම්බන්ධයෙන්ද මුල් අයිතිකරුවන් විසින් ප්‍රසාදය පලකොට සිටියහ