දේවින්ද පිණිදිය
ලංකාව පුරා ඵලදායිතාව, නවෝත්පාදන සහ ආයතනික විශිෂ්ඨත්වය ප්‍රවර්ධනය කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් “ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තේමාව යටතේ විශේෂ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 දා) කොළඹ දී පවත්වන ලදී.
2025/26 ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය පිළිබඳව පෞද්ගලික අංශයේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම, නිෂ්පාදන හා සේවා අංශවලින් වැඩි සහභාගීත්වයක් ඵලදායිතා සම්මාන තරඟාවලිය සඳහා ලබා ගැනීම, ජාතික මට්ටමින් ඵලදායී ලෙස තරඟ කිරීමට ආයතනික ධාරිතාව ගොඩනැගීම හා රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.
