මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතය පහත හෙලීම අනුව වාණිජ බැංකු ද තමන්ට හැකි පළමු අවස්ථාවේදීම බැංකු පොලී අනුපාතකය පහත හෙලා එහි වාසිය පාරිභෝගිකයින්ට සලසා දිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහක්.කළේ මීට ටික කලකට පෙර ඇතිවූ ආර්ථික අර්බුධයත් සමඟ ලෝකයේ වැඩිම උද්ධමනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙද්දී එය පාලනය කිරීම සඳහා බැංකු පොලී අනුපාතිකය විශාල ලෙස ඉහළ දැමීමට සිදුවූ බවයි.
එමගින් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙස උද්ධමනය පාලනය කළ හැකි වුව ද , ඒ තුළින් ණය පොලිය වැඩි වීම තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ අනිකුත් ණය ලබාගන්නා පිරිස අධෛර්යමත් වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
මෙම ණය පොලී අනුපාතිකය පහත හෙලීම මගින් නැවත වරක් , වැඩි වැඩියෙන් ආයෝජකයින් මූල්‍ය පහසුකම් ලබාගෙන ආයෝජනය කිරීම තුළින් එය රටේ ආර්ථික වර්ධනයට හේතුවන බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේj
කෙසේ වෙතත් බැංකු පොලී අනුපාතිකය ඉහළ දැමූ අවස්ථාවලදී වාණිජ්‍ය බැංකු ඉහළ පොලී අනුපාතක යටතේ ස්ථාවර තැන්පතු ලබා ගන්නා බවත් , ඔවුන්ට එම ස්ථාවර තැන්පතු සඳහා තවත් කලක් ඉහළ පොලී මුදලක් ගෙවීමට සිදුවීම වැනි යම් යම් ප්‍රශ්න වාණිජ්‍ග බැංකු හමුවේ තිබුණද , ඔවුන්ට හැකි පළමු අවස්ථාවේදීම බැංකු පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබාදිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.