නිමල් රාජපක්ෂ-
වාරි ඉංජිනේරුවන්ගේ නොසැලකිල්ල නිසා ගම්පහ දිස්ත්රික්කයේ කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් යටවී ඇති බැවින් ගොවියේ දැඩි අසරණ තත්ත්වයකට පත්වී ඇතැයි පහළයාගොඩ පුබුදු ගොවි සංවිධානයේ ගොවි උපදේශක ගාමිණී යාපා ඩයස් මහතා පවසි.
මේ වනවිට කුඹුරු වල ගොයම් කැපීමට තිබෙන නමුත් වාරි ඉංජිනේරුවන් ජලය බැස යාමට වාන් දොරටු අරින්නැති නිසා කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් යටවි තිබෙනු ඇත. මේ පිළිබදව ගම්පහ වාරි ඉංජිනේරු කාර්යාලයට දැන්වුවත් ඹවුන් කිසිවක් නෑසුනාක් මෙන් සිටිම නිසා කුඹුරුවල ගොයම් කපා ගැනීමට නොහැකි වී ඇති බවත් ගොයම් සියල්ල ජලය නිසා විනාසවී ඇති බව ට පහළ යාගොඩ ගොවියෝ මැසිවිලි නගති.
වාන් දොරටු ඇරීමට වාරි ඉංජිනේරුවා ක්රියා නොකිරීම නිසා ජලය කුඹුරුවල පීරී තිබේ. මේ දුක්ගැනවිල්ල පිළිබදව ගම්පහ දිස්ත්රික්කයේ දේශපාලන නායකයින් වත් , බලධාරීන්ගේවත් අවධානය යොමුවී ඉක්මන් තීරණයක් නොගත හොත් ගොවියෝ අන්ත අසරණ වනු ඇතැයිද ගාමීණී ඩයස් මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
විඩියෝව නරඹන්න subscribe කරන්න