Spread the love

ලිහිසි තෙල් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ ඊට අදාළ සමාගම් සමඟ සාකච්ඡා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) කොළඹදී පැවැත් මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම සහ පොලී අනුපාත අඩු කිරීම හේතුවෙන් ලිහිසි තෙල් මිලද අඩු කළ හැකි බව වෙළෙඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අනූව ඉදිරියේදී වාහන අලුත්වැඩියා කිරිම සදහා වන ගාස්තුව ද මේ හේතුවෙන් පහල බසිනු ඇත.