Spread the love

ත්‍රීවිල් රථයකින් වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලා එහි තිබුණු රුපියල් 98,000ක මුදලක් පොලීසියට භාරදුන් සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසුම්බිය හමු වූ කාන්තාව එය අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට භාර දී ඇති අතර, පසු ව පොලීසිය විසින් පසුම්බියේ භාරකරු සොයා එය ඔහුට ලබා දීමට කටයුතු කර ඇත.

පසුම්බියේ හිමිකරු පවසා ඇත්තේ, තමා නිවසට විදුලි උපාංග රැගෙන යාමට පැමිණි අවස්ථාවේ දී මෙම මුදල වැටී ඇති බවයි.

මෙවන් ආර්ථික අපහසුතා රාශියක් තිබෙන කාලයක මෙවැනි සත් ක්‍රියාවක් කිරීම පිළිබඳ එම කාන්තාවට හා පොලිස් ස්ථානාධිපතිවරයා සිය ස්තූතිය පළ කළ බව ද වාර්තා වේ.