විවිධ රජයේ ආයතන විසින් ඉදිකරනු ලැබ, දැනට අතහැර දමා හෝ අර්ධ වශයෙන් ඉදිකරනු ලැබ නිසි භාවිතයට ගනිමින් නොපවතින ඉදිකිරීම් පිළිබඳව මහා භාණ්ඩාගාරය විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහාය ඇතිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තොරතුරු රැස් කරනු ලැබ ඇත.
එකී තොරතුරු අනුව හඳුනා ගනු ලැබ ඇති ඌන උපයෝජිත හා අර්ධ වශයෙන් ඉදිකිරීම් සිදු කරනු ලැබ ඇති ගොඩනැගිලි 2,972 කට අදාළව දැනට පවතින භෞතික තත්ත්වය පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, එම ගොඩනැගිලි ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි අදාළ අමාත්‍යාංශ සහ ආයතන විසින් කඩිනමින් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
