මාතර සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා ගිය තරුණයින් පිරිසක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් 08 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදී අද (10) අලුයම 5:00ට පමණ මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පිරිස ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබේ.
වෑන් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුර හේතුවෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් නානුඔය පොලීසිය පැවසුවේය.