බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 75ක පමණ තරමක තද වැසි ඇති වේ.
වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන තරමක තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.