විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කළ ගමට තාක්ෂණය ගෙන යන විදාතා (විද්‍යා දාන තාක්ෂණ) වැඩසටහන නව රජයේ පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති රාමුවට අනුගතව ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව විදාතා කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මිලෝදා ආයතනයේ දී පැවැත්විණි.
2000 වර්ෂයේ දී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ දැනුම ග්‍රාමීය ප්‍රදේශවලට ගෙන යාමේ අරමුණ ඇතිව විදාතා වැඩසටහන ආරම්භ කළ අතර මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විදාතා සම්පත් මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබේ.
මෙම සම්මන්ත්‍රණයේ දී පැමිණ සිටි පිරිස ඇමතූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, රටේ ආර්ථික සංවර්ධනය සඳහා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා උචිත පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තියක් රජය සතු බවත් ප්‍රකාශ කළේය. ඉදිරියේ දී එම ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා එය බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සුදුසුම යාන්ත්‍රණය ලෙස විදාතා සම්පත් මධ්‍යස්ථාන ජාලය යොදා ගැනීමට පියවර ගන්නා බව ද පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වමින්, රටේ පර්යේෂණ ආයතන තුළ විද්‍යා හා තාක්ෂණ දැනුම යොදාගනිමින් සිදුකෙරෙන පර්යේෂණ හරහා ගොඩනැගෙන නවෝත්පාදන සහ නව දැනුම ගමට ගෙනයාමට මෙන්ම, ග්‍රාමීයව තිබෙන සාම්ප්‍රදායික දැනුමට විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ අත්දැකීම් එකතු කර නව පර්යේෂණ ක්‍රමවේද තුළින් පර්යේෂණ සිදුකරමින් එම දැනුම්වල නිරවද්‍යතාව තහවුරු කිරීමටත් විදාතා සම්පත් මධ්‍යස්ථානයට හැකියාව තිබෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ කාර්යයන් සිදුකිරීමේ දී රජයේ නිලධාරීන් වන ඔබට නිවැරදි දේ කිරීමට නිදහස හා ස්වාධීනත්වය ලබාදෙන බවත්, ඒත් සමගම සපුරාගත යුතු ඉලක්කයන් ද ලබාදෙන බවත්, විදාතා මධ්‍යස්ථාන ජනතාව ගැවසෙන ජනප්‍රිය තැන් බවට පත් කළ යුතු බවත් පැවසූ අමාත්‍යවරයා, ඒ් සඳහා එම මධ්‍යස්ථාන නවීකරණය කරමින්, සියළු පාර්ශ්වයන්ගේ සාමූහික දායකත්වයෙන් විදාතා වැඩසටහනටම අනන්‍ය වූ උපායමාර්ගික සැලැස්මක් නිර්මාණය කිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ ජනාඳිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා, වත්මන් රජයේ පර්යේෂණ හ සංවර්ධන ප්‍රතිපත්තියට විද්‍යා හා තාක්ෂණ දැනුම ආර්ථිකයට එකතු කරන ආකාරයත්, රටට අවශ්‍ය කුමන පර්යේෂණ ද යන්න හඳුනාගැනීම, ඒ් සඳහා පර්යේෂණ ප්‍රතිපාදන වෙන්කරන ආකාරය තීරණය කිරීම සහ ඒවා නියාමනය කිරීම ආදී කරුණු ඇතුළත් වන බව ප්‍රකාශ කළේය.
රජයේ පර්යේෂණ හ සංවර්ධන ප්‍රතිපත්තිය දීර්ඝ ලෙස පැහැදිලි කළ මහාචාර්යවරයා, එම ප්‍රතිපත්තියට අනුව යමින් රටට වැඩි ඇර්ථික ප්‍රතිලාභ හිමිවන පරිදි අපේ සම්පත්වලට අගය එකතු කළ භාණ්ඩ හා සේවා නිර්මාණයට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ දැනුම යොදා ගැනීමේ ඉතාම වැදගත් බව ද ප්‍රකාශ කළේය.
