විදුලි ගාස්තු සංශෝධනය සඳහා යෝජනා ලබාදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබන 06 වනදා තෙක් කාලය ලබාදීමට එකඟතාව පළවූ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව එම එකඟතාවය ලබාදීමට තීරණය කල තිබේ.එබැවින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීමට හැකිවනුයේ ලබන ජනවාරි 17 වනදා වනවිට බව මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.
