විදුලි ගාස්තුව සංශෝධනය නොකිරීමටත්, පවතින විදුලි ගාස්තුවම ඉදිරියට පවත්වාගෙන යාමටත් මහජන උපයෝගීතා කොමිසම විසින් තීරණය කර තිබේ.
ඒ අනුව, මහජන උපයෝගීතා කොමිසම විසින් මේ වන විට කැඳවා ඇති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කර සිටියා.
ඉදිරි මාස තුන සඳහා දැනට පවතින විදුලි ගාස්තුවම බල පවත්වන බවයි සඳහන් වන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8% කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණා