Spread the love

සෝලා විදුලිය අඩපන කිරීම පිටුපස 40%ක විදුලි ගාස්තු වැඩි කිරීමේ උත්සාහයක් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරයි.

සංගමයෙ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ සෝලා කර්මාන්තයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ව්‍යවසායකයින්ට රුපියල් මිලියන පන්සිය පනහක් ද රජයට මිලියන 1100 ක පාඩුවක් සිදුවී ඇති බවයි.

“මේ ක්‍රියාදාමය නිසා අඩු වියදම් විදුලි ඒකක 7 90,000ක් පද්ධතියට අහිමි වෙලා. ඒවා එහෙම නැවැත්තුවට ඉන්ධන වලින් බලාගාර දුවනවා එතනිනුත් පාඩුව රුපියල් මිලියන 200යි. රුපියල් දහයක මුදලට ගත හැකිව තිබූ අඩු වියදම් විදුලි ඒකක ප්‍රමාණය අතහැරලා රුපියල් පනහේ ඉඳලා සීය දක්වා මුදල්වලට ඒ ඒ අයගේ බලාගාරවලින් විදුලිය මිලදී ගන්නවා.

ගණන් බලපුවාම අවුරුදු තෑග්ගේ සමස්ත පාඩුව රුපියල් මිලියන 2100 ක් විතර වෙනවා. ජනතාවට වගකිවයුතු ආයතනය මහජන උපයෝගීතා කොමිසම අහිංසක පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටිය යුතු අවස්ථාවක් උදාවෙලා.

පිරිවැය අධිකයි නිෂ්පාදනය සඳහා යන මුදල වැඩියි කියා ජුනි මාසේ ඉඳලා විදුලි බිල වැඩි කරන්ඩ කරන සූදානමක් බවයි අපිට මේ පේන්නේ. පෙරහරක් ළඟ එනවා කියලා කස කාරයෝ ඇවිත්ලා තියෙනවා. රට අනුරට කිව්වා වගේ විදුලි බලය තිලක්ට දීල තියෙනවා”