Spread the love

විදුලි ජනක යන්ත්‍රයක දුම අග්‍රහණය විමෙන් සිව්දෙනෙකු (09) දින පස්වරුවේ බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ඒ.එස්.කේ. ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව ප්‍රදේශයට (09) දින දහවල් සිට විදුලි බලය ඇණහිටිම නිසා නගරයේ සිල්ලර වෙලදසැලක විදුලි බලය ලබා ගැනිමට විදුලි ජනක යන්ත්‍රයක් වෙලදසැල තුල ක්‍රියාත්මක කර ඇති බවත්, පසුව එම වෙලදසැලේ සේවකයන් සිව්දෙනෙකුට ශ්වසන අපහසුතා ඇති විම නිසා එම සේවකයන් සිව්දෙනා රෝහල් ගත කර ඇති බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

රෝහල් ගත කල සේවකයන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිටින බවත්, ඔවුන් අවු 25-35 වයස් කාණ්ඩ වල පසුවන අය බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.