Spread the love

සිය අධ්‍යන සහ මහජන අදහස් උපයෝගී කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර යෝජනාව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එළඹෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ.බී.එල්.චන්ද්‍රලාල් මහතා පැවසීය.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන අධ්‍යන කටයුතු ආරම්භ කර තිබේ.

තවත් සති දෙකකින් පසු මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කරන බව සභාපතිවරයා පැවසීය.

පවතින විදුලි ගාස්තු ලබන වසරේ මුල් මාස 06දී එලෙසම පවත්වාගෙන යාමට යෝජනා කරන බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂමට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනාව ඉදිරිපත් කරමින් පසුගිය සිකුරාදා (06) දැනුම් දෙන ලදි.